Sri Lanka
බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට
73 | 2025-09-14 05:38 PM
රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු අද (14) අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් 39 හැවිරිදි සැකකරු සූරියවැවදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිත්තෝලයක්, ජීව උණ්ඩ 40ක් හා හෙරොයින් ග්‍රැම් 250ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙම පුද්ගලයා සූරියවැව පොලීසියට භාරදී ඇති අතර, හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත්කිරීමට නියමිතව ඇත. ඊයේ (13) දිනයේදී ද බැකෝ සමන්ගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ