Sri Lanka
ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙරටට
19 | 2026-01-24 09:33 AM
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වී බදුල්ල දිස්ත්‍රිකයේ "සුරක්ෂා" කදවුරුවල රැදී සිටින ජනතාව වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් 05දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (23) මෙරටට පැමිණ තිබේ. සංචාරක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ආරාධනාවක් පරිදි මෙම පිරිස පැමිණ ඇති බව වාර්තා වේ. මෙම වෛද්‍යවරුන් සහභාගී වන වෛද්‍ය සායනය අද (24) සහ 25 දිනයන් හි පැවැත්වීමට නියමිත අතර මේ සදහා මෙරට වෛද්‍යවරුන් ඇතුළු 25දෙනෙකුගෙන් යුතු පිරිසක් ද සහභාගී වීමට නියමිතය. මෙම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම ඊයේ (23) සවස 04.15ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ