Sri Lanka
මගී ප්‍රවාහන බස් රථයක මත්ද්‍රව්‍ය ඇති බවට ඔත්තුවක්
24 | 2025-09-14 11:37 PM
සිරිපුර සිට මහනුවර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක රිය සහයක සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරක් මත ඊයේ (13) ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානයේ නිලධාරීන් එම බස් රථය පොලිස් ස්ථානය ඉදිරිපිටදීම නවත්වා පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී මදන මෝදක ලෙස හදුන්වන මත්ද්‍රවය ගුලි 05ක් එම සහයක සන්තකයේ තිබී සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ. ඒ් හේතුවෙන් එම බස් රථයේ සිටි මගීන් බස්සවා වෙනත් බස් රථයකට යොමුකර ඇත. ඉන් අනතුරුව රියදුරු සහ සහයක වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහියංගනය මූලික රෝහල වෙත යොමුකර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ගුලි සන්තකයේ තබාගෙන සිටි රිය සහයක මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බවත්, බස් රථයේ රියදුරුගේ ශරීරයේ ගංජා මත්ද්‍රව්‍ය අන්තර්ගතව ඇති බවත්ය. ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත් කරනු ලැබීය. තවද එම ගුලි නිකුත්කළ ඔසුසලක් සම්බන්ධවද පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ