Sri Lanka
ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කෙරේ
19 | 2026-01-24 09:50 AM
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ඊයේ (23) විවෘත කෙරුණි. ඒ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙනි. උතුරු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ හා නවෝත්පාදන වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය වැනි කාර්යයන් මෙම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය තුළින් සිදු කිරීමට අරමුණු කෙරේ. මුල් අදියරේදී රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිතවත් ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් දිවයිනම ආවරණය වන පරිදි තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන 24ක් මෙලෙස පිහිටුවීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ