Sri Lanka
කටාර් හිදී මියගිය ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රු. මිලියන 197ක වන්දි
20 | 2026-01-24 09:52 AM
කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට රුපියල් මිලියන 197කට අධික වන්දි මුදලක් ලබාගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2025 වසරේදී සමත්වී තිබේ. තානාපති කාර්යාලය මගින් මෙලෙස ලබාගෙන ඇති මුළු වන්දි මුදල රුපියල් 197,719,710.36ක් බව වාර්තා වේ. ඉන් රුපියල් 23,641,182.00ක මුදලක් තානාපති කාර්යාලය හරහා සෘජුවම අදාළ පවුල් වෙත ලබා දී ඇත. ඉතිරි රුපියල් 174,078,528.36ක මුදල මෙරට පවුලවල ඥාතීන් වෙත ලබාදීම සඳහා කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. විශේෂයෙන්ම 2014 වසරේ සිට විසඳීමට නොහැකිව තිබූ නඩු කිහිපයකට අදාළ වන්දි මුදල් ද මෙවර ලබා ගැනීමට හැකිවූ බව සඳහන් ය. කෙසේවෙතත් පසුගිය 2024 වසරේදී ද මෙම තානාපති කාර්යාලය රුපියල් මිලියන 172කට අධික වන්දි මුදලක් ශ්‍රී ලාංකික පවුල් වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ