Sri Lanka
T56 ගිනිඅවියක් සමග කාර් රථය දමා පලාගිය සැකකරු මසකට පසු කොටුවෙයි
21 | 2026-01-24 09:56 AM
රාගම පොලිස් වසමේදී ඉකුත් දෙසැම්බර් මස 23වනදා T56 ගිනිඅවියක් සමගින් කාර් රථයක් දමා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකි අනතුරුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. මෙහිදී ප්‍රධාන සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 520ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරු මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 52 හා 54 වයස්වල පසුවන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (24) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ