Sri Lanka
තිදෙනෙකු එක්ව අයෙක් ඝාතනය කරයි
25 | 2026-01-24 09:57 AM
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී ඊයේ (23) පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 39ක් වූ වීරසිංහපුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ඇඹිලිපිටිය පොලීසිය පැවසීය. පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ