Sri Lanka
දකුණු මුහුදේ ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගැන අලුත්ම අනාවරණය
21 | 2026-01-24 10:04 AM
දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසියෙන් ලද තොරතුරකට අනුව දිගුදුර නෞකා යොදාගනිමින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කළ බවය. එහිදී එක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) ද, අනෙක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය, බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ