Sri Lanka
රට මුහුණදෙන ආර්ථික අර්බුදය ගැන බන්දුලගෙන් ප්‍රකාශයක්
26 | 2026-01-24 12:56 PM
රට තුළ ඇති වෙන ස්වභාවික විපත් හෝ භාහිර රටවල ඇති වෙන කම්පනකාරි තත්ත්වයක් තුළ හෝ ඒවාට මුහුණදීමට තරම් ප්‍රමාණවත් මූල්‍යමය හැකියාවක් ලංකාව සතු නොවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද රට පවත්වා ගැනීමට අවශ්‍ය රුපියල් සහ පිටරට ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය ඩොලර් අප සතුව නොමැති බවය. එමෙන්ම ආණ්ඩුවේ මෙම වසරේ ආදායම රුපියල් ට්‍රිලියන 5.3ක් වන බවත් ආණ්ඩුවේ පුනරාවර්ථන වියදම 5.6ක් වන බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය. ඒ අනුව ආණ්ඩුව පවත්වා ගෙනයාම සඳහා බිලියන 300ත් 400ත් අතර මුදලක් හිඟ වන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසීය. රට තුළ නායයෑම්, සුළි කුණාටු වැනි අභ්‍යත්තර කම්පනයක් ඇති වුණත් රටින් පිට වෙනත් රටවල ඇතිවන යුද්ධ වැනි භාහිර කම්පනයක් ඇති වුණත් එවැනි කම්පනයන්ට මුහුණදීමට අවශ්‍ය ශක්තිමත් ආර්ථික මූල්‍ය තත්ත්වයක් අපේ රට තුළ නොමැති බව ද ඒ මහතා කියා සිටියේය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, ඒ අනුව රට තුළ පවතින මූලික ප්‍රශ්නය වන්නේ රුපියල් සහ ඩොලර් නොමැති වීම බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ