Sri Lanka
පාකිස්තානය පරදා ඉන්දියාවට පහසු ජයක්
91 | 2025-09-14 11:43 PM
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (14) රාත්‍රියේ පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 'ඒ' කාණ්ඩයේ තරගයක් ලෙස ඩුබායි හිදී මෙම තරගය පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 127ක් පමණි. ඒ අනුව ලකුණු 128ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 16(15.5) පන්දුවාරයේදී ලකුණු 131ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය. මෙම ජයත් සමග ක්‍රීඩාකළ තරග දෙකම ජයගත් ඉන්දීය කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගෙන සිටියි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ