Sri Lanka
රිමාන්ඩ් භාරයේ සිටි කස්සප හිමි රෝහල්ගත කෙරේ
27 | 2026-01-24 12:59 PM
ක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා සදහන් කළේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවය. පසුගියදා ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටළුකාරී සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු එළඹෙන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුධිර පරීක්ෂාවක් සිදු කිරීම සඳහා මෙලෙස උන්වහන්සේ රෝහල්ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ