Sri Lanka
රාජ්ෂාහි වොරියර්ස් BPL කිරුළ හිමිකර ගනී
30 | 2026-01-24 01:00 PM
චැටෝග්‍රෑම් රෝයල්ස් කණ්ඩායම ලකුණු 63කින් පරාජය කර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාජ්ෂාහි වොරියර්ස් කණ්ඩායම සමත් විය. මීර්පූර්හිදී ඊයේ (23) රාත්‍රියේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 174/4ක් රැස්කිරීමට සමත් විය. එහිදී ටැන්සිඩ් හසන් පන්දු 62කින් ලකුණු 100ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය. පන්දු යැවීමෙන් ෂොරිෆුල් ඉස්ලාම් (2/33) හා මුකිදුල් ඉස්ලාම් (2/20) කඩුලු 2 බැගින් දවාගත්හ. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 17.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 111ක් පමණි. ආරම්භක පිතිකරු මිර්සා බේග් ලකුණු 39ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිවෙකුට කණ්ඩායම දිනවිය හැකි ඉනිමක් ක්‍රීඩාකිරීමට නොහැකි විය. මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ බිනුර ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත්තේය. පන්දුවාර 3ක් පමණක් යොමුකළ ඔහු එහිදී ලබාදුන්නේ ලකුණු 9ක් පමණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ