Sri Lanka
83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේදී ගුවන් හමුදාවට ඓතිහාසික ජයග්‍රහණයක්
26 | 2026-01-24 02:04 PM
83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේ දී පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම ශූරතා දිනා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ. මෙම ශූරතාවලිය ජනවාරි 21 සිට 23වනදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවත්විණි. මේ සඳහා රට පුරා ප්‍රමුඛ කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර, පිරිමි හා කාන්තා අංශ දෙකෙහිම මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනෙකු තරඟ වදින ලදී. පිරිමි අංශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම මුළු ලකුණු 34.5ක් ලබා ගනිමින් වසර 25කට පසු ජාතික ශූරතාවය නැවතත් දිනා ගත් අතර කාන්තා කණ්ඩායම අඛණ්ඩව 13වන වරටත් ශූරතාවය දිනා ගනිමින් ලකුණු 51ක් සමඟ සමස්ත ශූරතාවය හිමිකර ගත්තේය. ත්‍යාග ප්‍රදාන උත්සවය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී. එම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝ ප්‍රභාත් දිසානායක මහතා, ජාතික මල්ලවපොර සංගමයේ උප සභාපති එයාර් කොමඩෝ එරන්දික ගුණවර්ධන මහතා ඇතුළු උසස් නිලධාරින්, ආරාධිත අමුත්තන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ