Sri Lanka
දකුණු මුහුදෙන් හමුවූ මත්කුඩු දෙහිබාලේගේද ?
27 | 2026-01-24 02:11 PM
දකුණු මුහුදෙන් හමුවූ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ නමැත්තා මෙරටට එවා ඇතැයි සැකකරන බව ආරක්ෂක අංශ පවසයි. පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව නාවික හමුදාව සිදුකළ එම මෙහෙයුමේදී ධීවරයන් 11 දෙනෙකු සිය භාරයට ගැනීමට නාවික හමුදාවට හැකිවිය. මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් හා සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. තවදුරටත් එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගත්තේය. එහි සිටි තවත් සැකකරුවන් හය දෙනෙකු සහ සැටලයිට් දුරකථන දෙකක් නාවික හමුදාව සිය භාරයට ගනු ලැබූ අතර, එහි මත්ද්‍රව්‍ය කිලෝ 70ක් පමණ තිබූ බව වාර්තා වේ. ඒ අනුව සැකකරුවන් හෙට (25) ගොඩබිමට රැගෙන ඒමට නියමිත අතර, අදාළ මත්ද්‍රව්‍යවල හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට සැකකරන බව පොලිසිය පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ