Sri Lanka
Rebulding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහාය
27 | 2026-01-24 02:22 PM
Rebuilding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අඛණ්ඩව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේ ෆ්‍රැන්ච් මහතා පවසයි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සමග ඊයේ (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති හමුවකදී අන්ඩේ ෆ්‍රැන්ච් මහතා මේ බව සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආපදාවට ලක්වූ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් දැක්වූ සහය මෙන්ම පශ්චාත් ආපදා කළමනාකරණයට හා ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදෙන සහය වෙනුවෙන් අමාත්‍ය උපාලි පන්නිල මහතා මෙහිදී සිය ස්තූතිය පුද කළේය. එහිදී අදහස් දක්වමින් අන්ඩේ ෆ්‍රැන්ච් මහතා Rebuilding Sri Lanka වැඩසටහන සඳහා තම සංවිධානයේ සහය අඛන්ඩව ලබාදීමට කටයුතු කරන බවත් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පොදු දේපළ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් සඳහන් කළේය. එම හමුවේදී පශ්චාත් ආපදා කළමනාකරණය, විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ