Sri Lanka
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
30 | 2026-01-24 04:09 PM
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. දෙරට අතර පළමු තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වනවිට තරග 3කින් යුත් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි. අද තරගයද ජයගැනීමට හැකිවුව හොත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ. මේ සමග වසර 12කට පසු එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජයගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවනු ඇත. ශ්‍රී ලංකාව අවසන්වරට එක්දින තරගාවලියකදී එංගලන්තය පරාජය කර ඇත්තේ 2014 වසරේදීය. එතැන් සිට මේ දක්වා පැවති එක්දින තරගාවලි ත්‍රිත්වයක් අඛණ්ඩව පරාජය වී තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ