Sri Lanka
ඉන්දුනීසියාවේ නායයෑමකින් 7ක් මරුට - 82ක් අතුරුදන්
27 | 2026-01-24 04:10 PM
ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් තවත් 82 දෙනෙකු අතුරුදන්ව තිබේ. ප්‍රදේශයේ පැවති අධික වර්ෂාපතනයත් සමග අද (24) අලුයම 2.00ට පමණ මෙම නාය යෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවාස පෙළක් මතට පස් කඳු කඩා වැටී ඇති අතර නිවාස 30ක් පමණ නාය යෑමට හසුව ඇති බව සඳහන් වේ. නායයෑම සිදුවන අවස්ථාවේ නිවැසියන් නින්දේ පසුවීම හේතුවෙන් මෙලෙස විශාල පිරිසක් පස් කන්දට යටවී ඇති අතර අතුරුදන්වූවන් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද එරට බලධාරීන් සදහන් කර ඇත. බටහිර ජාවා ප්‍රදේශයට ඊයේ දිනයේ සිට සතියක කාලයක් තද වැසි ඇති විය හැකි බවට ඉන්දුනීසියානු කාලගුණ බලධාරීන් අනතුරු හැගවීම් සිදු කර තිබූ තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ