Sri Lanka
බාල ගල්අඟුරු නිසා දිනකට මෙගාවොට් 95ක විදුලි ධාරිතාවක් අහිමි වන බවට අනාවරණයක්
28 | 2026-01-24 04:13 PM
මෙම වසරේදී මෙරටට ගෙන්වා ඇත තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවය. දත්ත වාර්තා උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, ගල්අඟුරු බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේදී මෙගාවොට් 810ක විදුලි ජනනයක් සිදුවිය යුතු නමුත්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් මේ වන විට උපරිම වශයෙන් ජනනය කළ හැක්කේ මෙගාවොට් 715ක් පමණක් බවය. ඒ අනුව,දිනකට මෙගාවොට් 95ක විදුලි ධාරිතාවක් අහිමි වන අතර, එම හිඟය පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බවද බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා අවධාරණය කළේය. මෙම ගල්අඟුරු තොගය ජනවාරි මස 20 සහ 22 යන දෙදින තුළ විදුලි ජනන කටයුතු සඳහා භාවිතකළ බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, මේ වන විට එම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය විදුලි ජනන කටයුතු සඳහා භාවිතා කිරීම තාවකාලිකව නවතා ඇති බව සඳහන් වේ. ඒ වෙනුවට, පසුගිය වසරේ මෙරටට ගෙන්වන ලද රුසියානු ගල්අඟුරු යළි භාවිතයට ගෙන ඇති බවද වාර්තා වේ. මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය ඉන්දීය ටෙන්ඩරයක් අනුව දකුණු අප්‍රිකාවෙන් මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ