Sri Lanka
අමෙරිකානු නව ආරක්ෂක යුධ ක්‍රමෝපාය එළියට
29 | 2026-01-24 04:16 PM
අමෙරිකා එක්සත් ජනපදය විසින් සිය ආරක්ෂක ප්‍රමුඛතා සම්බන්ධයෙන් වැදගත් මාරුවක්ද සිදු කරමින් නව ජාතික ආරක්ෂක යුධ ක්‍රමෝපාය ප්‍රකාශයට පත් කර තිබේ. එම නව යුධ ක්‍රමෝපාය අනුව, අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ආරක්ෂක අවධානය යොමු වන්නේ අමෙරිකානු භූමිය සහ බටහිර අර්ධගෝලයේ ආරක්ෂාව වෙතය. අදාළ ආරක්ෂක යුධ ක්‍රමෝපායේ චීනය මූලික ආරක්ෂක අභියෝගය ලෙස සලකා බැලීමෙන් ඉවත්ව තිබීම විශේෂත්වයකි. මෙතෙක් වසර හතරකට වරක් නිකුත් කළ ආරක්ෂක යුධ ක්‍රමෝපායයන්හි, චීනය අමෙරිකාවට මුහුණ දෙන ප්‍රධාන බහු-ක්ෂේත්‍ර ආරක්ෂක තර්ජනය ලෙස නම් කර තිබුණි. නව යුධ ක්‍රමෝපාය මගින් අමෙරිකානු සහාය දක්වන පාර්ශ්වයන්ට වැඩි වගකීමක් පැවරීමට අවධාරණය කර ඇත. එහිදී, මිතුරන්ගේ ආරක්ෂාව සඳහා අමෙරිකා එක්සත් ජනපදය ඉදිරියේදී “සීමිත සහාය” ලබාදෙනු ඇති බවද පෙන්වා දී ඇත. මෙම ලේඛනයේ විශේෂත්වයක් ලෙස, චීනයට අයිති බවට ප්‍රකාශ කරන නමුත් ස්වයංපාලනය යටතේ පවතින තායිවානය පිළිබඳ සෘජු සඳහනක් නොමැති වීමද අවධානයට ලක්ව තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ