Sri Lanka
වෙසක් රාජ්‍ය උත්සවය මැයි 30 වැනිදා
24 | 2026-01-24 04:47 PM
මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මැයි 01 වැනිදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස් වී මැයි මස 30 වැනිදා වෙසක් රාජ්‍ය උත්සය පැවැත්වීමට එකඟතාව පළකර ඇති බව මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ