Sri Lanka
හරක් හොරුන්ට පොලීසියෙන් වෙඩි - අයෙකු රෝහලට
27 | 2026-01-26 08:15 AM
නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව නාල්ල පොලීසිය පවසයි. මෙම සිදුවීම ඊයේ (25) අලුයම 2.35ට පමණ නාල්ල පොලිස් වසමේ තලහේන හන්දිය අසලදී සිදුව තිබුණි. නාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටියදී, තලහේන ග්‍රාමයට ඇතුළුවන මාර්ගය අසල සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂාවට ලක්කර ඇත. එම අවස්ථාවේදී පුද්ගලයන් පස් දෙනෙකු විසින් අංක ලොරි රථයට ගවයින් පටවමින් සිට ඇති බව වාර්තා වේ. පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවාත් සමඟ ලොරි රථයේ සිටි පුද්ගලයෙකු නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කඳාන ප්‍රදේශයේ අයෙකි. ඔහුගේ වම් අතට වෙඩි වැදී ඇති අතර, මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ලොරි රථයේ සිටි අනෙක් සැකකරුවන් සිව්දෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාල්ල පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ