Sri Lanka
ඉන්දියාවට යැවූ ගල්අඟුරු සාම්පලවල ප්‍රමිතියේ අඩුවක්
20 | 2026-01-26 08:26 AM
සමාජයේ කතාබහට ලක්ව තිබෙන ගල්අඟුරු තොගයට අදාළව ඉන්දියාවට යැවූ සාම්පලවල අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් ඇතිබව තහවුරු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඒ අනුව අදාළ සමාගමෙන් දඩ අයකර ගැනීමට කටයුතු කරන බවය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස, "ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. පළමු මෙ.ටො. 60,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාව යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත්තා. ඒ නිසා දඩ අය කරනවා. දෙගුණයක දඩයක් නියම වෙනවා. ලංකාවට ගොඩබෑවට පස්සේ සිදුකරන සාම්පල පරීක්ෂාවේ දී ප්‍රමිතිය නැත්නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවන්න වෙනවා" යැයි පැවසීය. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක මහතා පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ