Sri Lanka
නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය
20 | 2026-01-26 08:33 AM
නායයෑමේ අවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරිමට අවශ්‍ය නිර්දේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ඊයේ (25) ලබා දී ඇත. ඉකුත් නොවැම්බර් 27වනදා ඇති වූ අයහපත් කාලගුණයක් සමග මෙම විද්‍යාලයට ඉහළින් පිහිටි ශ්‍රී කවීෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ආරක්ෂිත බැම්ම නාය යෑමට ලක්විය. ඒ හේතුවෙන් මාස දෙකක් වැනි කාලයක් පුරාවට එම පාසල NBRO නිර්දේශ මත වසා දමන ලදී. නව වසරේ පළමු පාසල් වාරය ආරම්භයත් සමග 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා වූ පන්ති පැවැත්වීමට මෙතෙක් හැකියාවක් නොලැබීම හමුවේ, ඒ පිළිබඳ දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන් අතර දැඩි මතභේදකාරී තත්ත්වයක්ද මතුවී තිබුණි. දෙමාපියන් කියා සිටියේ දේශපාලන මතගැටුම් නිසා මෙම නායගිය පස් කොටස ඉවත්කර පාසල යළි ආරම්භ නොකරන බවය. ඒ අනුව ඊයේ දිනයේ නැවත එම ස්ථානයේ නිරීක්‍ෂණය කළ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ භූවිද්‍යා නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා නැවත පාසල ආරම්භ කිරීම සඳහා අවශ්‍යා නිර්ණායක ලබාදෙන ලදී.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ