Sri Lanka
ඉන්දීය ආරක්ෂ නෞකා දෙකක් කොළඹට
21 | 2026-01-26 08:34 AM
ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන වරහා සහ අතුල්යා "Varaha" "Atulya" කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණි අතර නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇත. මීටර් 96.2 ක් දිග ඕෆ්ෂෝර් මුර සංචාර නෞකාවක් වන "Varaha"නෞකාව මෙහෙයවනු ලබන්නේ අණදෙන නිලධාරි අශ්විනි කුමාර් විසිනි. මීටර් 50 ක් දිග වේග මුර සංචාර නෞකාවක් වන "Atulya" නෞකාව මෙහෙයවනු ලබන්නේ අණදෙන නිලධාරි අනිත් කුමාර් මිශ්‍රා විසින්. මෙම නෞකා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ අභ්‍යාසවලට සහභාගී වීමට නියමිත බව සඳහන් වේ. මෙම සංචාරය ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායන් අතර බහුවිධ අන්තර්ක්‍රියා තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාවක් සපයයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ