Sri Lanka
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
75 | 2025-09-15 09:18 PM
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ එක්වන දෙවන තරගය හොංකොං කණ්ඩායම සමගින් අද (15) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හොංකොං කණ්ඩායමට ආරාධනා කර තිබේ. තරගය තව සුළු වේලාවෙන් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කෙසේවෙතත් මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ