Sri Lanka
ජනපති ආර්යා මෙලානියාගේ MELANIA චිත්‍රපටය 30 වනදා තිරගත වෙයි
23 | 2026-01-26 08:41 AM
අමෙරිකා ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පිළිබඳ කියැවෙන “MELANIA” නම් වාර්තාමය චිත්‍රපටය එළැඹෙන 30 වනදා තිරගත වීමට නියමිතව ඇත. මිතුරන් සහ පවුලේ අය සඳහා පමණක් පෙරේදා (24) ධවල මන්දිරයේදී මෙම චිත්‍රපටය පෞද්ගලිකව ප්‍රදර්ශනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. “MELANIA” චිත්‍රපටය, 2025 ජනවාරි මාසයේදී ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට පෙර දින 20 හිදී ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් කියැවේ. මෙම චිත්‍රපටය ඩොලර් මිලිය 40 කට MGM Amazon Studios විසින් මිල දී ගෙන තිබේ. මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් පසුගිය දිනකදී ජනාධිපති ට්‍රම්ප්ගෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පවසා ඇත්තේ තමා චිත්‍රපටයේ කොටස් දුටු බවත් එයට හොඳ ප්‍රතිචාර ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත්ය. “මම හිතන්නේ එය ඉතා සාර්ථක වෙයි... ඔබ දන්නවා ඇය පොතක් කළා කියලා, පොත අංක 1ට වැඩියෙන්ම අලෙවි වූණා, මෙය චිත්‍රපටයක්. එය බොහෝ දෙනෙකුගේ අවධානය ආකර්ෂණය කර ගන්නා බව පෙනවා. එය ඉතා හොඳයි.” යනුවෙන් ඔහු පවසා ඇත. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ “Rush Hour” මාලාව අධ්‍යක්ෂණය කළ Brett Ratner විසිනි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ