Sri Lanka
නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලූ ව්‍යාජ පුද්ගලයෙක් ගැන පැමිණිලි
24 | 2026-01-26 08:44 AM
තමන් ලෙස පෙනී සිටිමින් මූල්‍ය වංචා කරන පුද්ගලයෙකු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ව්‍යාජ පුද්ගලයෙකු විවිද දුරකතන අංක ඔස්සේ මහජනතාවගෙන් සහ ව්‍යපාරිකයින්ගෙන් තමන් ලෙස පෙනි සිටිමින් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවය. මෙවැනි පුද්ගලයන්ට කිසිදු මුදලක්, පුද්ගලික තොරතුරු හෝ ලේඛන ලබා නොදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය facebook සටහනෙන් දැනුම් දී තිබේ. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ සැක සහිත තොරතුරු ඇතොත් වහාම ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දෙන ලෙසටය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ