Sri Lanka
පොලිස් පහරදීමේ සිද්ධියේ කතෝලික පියතුමා කොළඹ ජාතික රෝහළට
22 | 2026-01-26 08:51 AM
පොලිස් නිලධාරීන්ගේ පහරදීමට ලක්වූ කතෝලික පියතුමා මීගමුව මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබේ. ඊයේ (25) පස්වරුවේ එතුමාව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආ බව සිව්දෙස වාර්තාකරු පවසයි. පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් කොටදෙණියාවේ පදිංචි මිලාන් ප්‍රියදර්ශන නම් කතෝලික පියතුමෙක් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට පෙරේදා (24) ඇතුළත්ව තිබුණි. ඒ, දේවමෙහෙයකට සහභාගී වීමට යතුරුපැදියකින් ඊයේ රාත්‍රියේ ගමන් කරමින් සිටියදී ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී යතුරුපැදිවලින් තමන් ලුහුබැඳ පැමිණි පොලිස් කණ්ඩායමක් පහරදුන් බව පවසමිනි. ඒ අනුව මීගමුව රෝහලේ 7 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන පියතුමන්ගේ සුවදුක් විමසීමට ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මීගමුව රෝහලට ඊයේ පැමිණියහ. මෙම සිද්ධියට අදාළව සැකපිට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හයදෙනෙකු ගම්පහ පොලීසිය මඟින් ඊයේ අත්අඩංගුවට ගත්තේය. ඒ එම විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ