Sri Lanka
ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි
23 | 2026-01-26 08:55 AM
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවය. මේ අතර විශේෂඥයින් මත පළ කරනුයේ රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත්ය. එමෙන්ම මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගද මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස රන් මිල ඉහළ යාමට බලපා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ බවය. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකාව විසින් යටත් කර ගැනීම, ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීම යන කරුණු ද රන් මිල ඉහළ යාමට බලපා ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ