Sri Lanka
ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ
79 | 2025-09-15 09:20 PM
පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් වැනසී ඒවායේ වාසය කළ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී තිබේ. පැය 10කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකිව තිබුණේ අද අලුයමයි. කෙසේ නමුත් මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. පිලිපීනයේ මැනිලා අගනුවර තදාසන්න කලාපයක පිහිටි පැල්පත් නිවාස දහස් ගණනක් ගින්නකට හසුව විනාශ වී තිබේ. මේ අනුව නිවාස 1100ක් පමණ වැනසී ගොස් ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ හටගත් ගින්න නිවාදැමීම අසීරු වී ඇත්තේ එය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්ය. ගිනි නිවන රථ රැසක් යොදවා ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකිව තිබුණේ අද අලුයමයි. ගින්න හේතුවෙන් අවතැන් වූ පිරිස් මේ වනවිට රජයේ පාසල් සහ රජයේ කාර්යාල වෙත යොමුකර තිබේ. මැනිලා නුවර පැල්පත් නිවාස පිහිටි කලාප රැසක් ඇති අතර, එම කලාපවල මෙවන් බරපතළ අනතුරු සිදුවූ අවස්ථා රැසක්ම පසුගිය කාලයේදී වාර්තා වුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ