Sri Lanka
රුපියල් කෝටි 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු බම්බලපිටියේදී කොටුවෙයි
24 | 2026-01-26 09:01 AM
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 16ක්, ජංගම දුරකථනයක්, තරාදි 02ක්ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත. පොලීසිය පැවසුවේ සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 03කට අධික වන බවය. බම්බලපිටිය පොලිස් වසමේ රිජ්වේ පෙදෙස මාර්ගයේදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමෙන් පසු මෙම අයිස් මත්ද්‍රව්‍ය සහ සෙසු උපකරණ පොලීසිය විසින් සොයාගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ