Sri Lanka
පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මරුට
26 | 2026-01-26 09:03 AM
පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මගීන් 350කට අධික පිරිසක් රැගත් MV Trisha Kerstin 3 නම් යාත්‍රාවක් හදිසියේ ගිලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ. යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ මගීන් 332ක් සහ කාර්ය මණ්ඩලය 27ක් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති අතර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 316 දෙනෙකු බේරා ගැනීමට කටයුතු කර තිබේ. මේ අතර අනතුරට ලක්වූවන් බේරා ගැනීම සඳහා වෙරළාරක්ෂක ගුවන් යානයක්ද පිටත් කර හැරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. යාත්‍රාව අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට හේතුව සෙවීම සඳහා සමුද්‍ර අනතුරු පරීක්ෂණයක් පවත්වන ලෙසටද එරට බලධාරීන් උපදෙස් ලබා දී ඇතැයිද සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ