Sri Lanka
දිට්වා නිසා නිවාස අහිමිවූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව
22 | 2026-01-26 01:08 PM
'දිට්වා' සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ‘දිට්වා' සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ආරම්භ කළේය. ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර එම නිවාස ඉදිකර දීම සඳහා අවශ්‍ය ඉඩම් මෙලෙස පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් හෝ 1800 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි අතර ඉඩම් පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු 011 2 331 246 යන ෆැක්ස් අංකයට ද යොමු කළ හැකියි. ආපදාවෙන් පීඩාවට පත් කිසිදු පුරවැසියෙකු අත්නොහැර, ඔවුන්ගේ ජීවිත පැවති තත්ත්වයට වඩා උසස් මට්ටමකින් යළි ගොඩනැගීම රජයේ අපේක්ෂාව වී තිබේ. එම ජනතාව වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සමඟ සක්‍රීයව අත්වැල් බැඳ ගන්නා ලෙස දිවයින පුරා සියලු පරිත්‍යාගශීලි ජනතාවට ආරාධනා කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ