Sri Lanka
සෞඛ්‍ය සේවයට හෙට සිට අලුතින් 213ක්
20 | 2026-01-26 01:13 PM
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබේ. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පසුගිය 2025 වසරේදී පවත්වන ලදී. කෙසේ වෙතත් මෙය මීට පෙර පැවැත්වීමට සැලැසුම් කර තිබුණේ, 2021 වසරේදීය. රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබු අතර, විවෘත තරග විභාගය අනූව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර මෙම 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන ඇත. රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617ක් වන අතර 1,906ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරත වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ