Sri Lanka
පස්දේවා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි
23 | 2025-09-15 09:22 PM
අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයකු බව කියන දිසානායක දේවගේ දිසානායක නොහොත් "පස්දේවා" නමැත්තා ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි. ඒ අනුව අදාළ සැකකරු දින 90ක් කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් එම කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහත්මිය වෙත දැනුම් දී තිබේ. පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් "පස්දේවා" නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මෙ නමැත්තාට අයත්ව තිබූ හෝටලයකින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 440ක් හා ජීව උණ්ඩ කීපයක් සොයාගත් බව සඳහන් කළේය. මෙම සැකකාරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විදෙස්ගතව සිට ඇති බවද පොලීසිය විසින් සඳහන් කළ අතර මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ තොරතුරු ආරංචි වී කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා කෝපයට පත්ව දුරකතන මගින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට තර්ජනය කර තිබෙන බවත් සඳහන් කර සිටියේය. කෙහෙල් බද්දර පද්මේ නැමැත්තාගේ මෙහෙයවීම යටතේ මෙම සැකකරු විසින් සිදුකර තිබෙන අපරාධ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බව සඳහන් කළ පොලීසිය ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් දන්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියම කළාය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ