Sri Lanka
දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රා දෙකට මත්ද්‍රව්‍ය සැපයූ තවත් යාත්‍රාවක් කොටුවෙයි
30 | 2026-01-26 01:16 PM
දකුණු මුහුදේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 290කට අධික තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාවලට මත්ද්‍රව්‍ය සැපයු බවට සැක කෙරෙන තවත් යාත්‍රාවක් සහ සැකකරුවන් 05දෙනෙකු මිරිස්ස ධීවර වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. දීලීෂ 03 නම් මෙම බහුදින ධීවර යාත්‍රාව මගින් දකුණු මුහුදේදී භාරයට ගත් ධීවර යාත්‍රා වෙත මත්ද්‍රව්‍ය තොගයක් ලබා දී ඇති බව දැනට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුගිය සිකුරාදා දිනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිය දී මෙලෙස නාවික හමුදාව භාරයට ගත් ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඊයේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. එම සැකකරුවන් 11දෙනා අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැදවුම් නියෝග ලබා ගත් බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ