Sri Lanka
2025 වසරේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 පනී
26 | 2026-01-26 04:30 PM
2025 දී ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 17.2ක් ඉක්මවා ගොස් තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කර ඇත්තේ, එම ආදායම අපනයන ඉලක්කයෙන් 94.79%කට වඩා වැඩි ප්‍රමාණයක් බවය. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යාලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15ක් ලෙස සටහන්ව ඇති අතර, එය තිරසාර වර්ධනයක් සහ වැඩි දියුණු වන බාහිර වෙළඳ තත්ත්වයන් පෙන්නුම් කරයි. 2025 දෙසැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1490.49ක් වන අතර, එය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 3.95%ක වර්ධනයකි. මෙම කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාවය ඉස්මතු කරයි. ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බව ද අදාළ නිවේදනය මඟින් මංගල විජේසිංහ මහතා තවදුරටත් සඳහන් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ