Sri Lanka
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා - සජිත් ප්‍රේමදාස
34 | 2026-01-26 04:44 PM
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණවී ඇති බවය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළ ද එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. මේ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දූදරුවන් 6 වසරේ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවෙන් සිටියත් රජය එය කල් දැමීම නිසා මොවුන්ගේ බලාපොරොත්තු සුන්වී ඇති බවත් ඔහු කීය. ඒ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර නැවත වරක් කඩිනමින් නිවැරදිව මේ වසරේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන්‌ සමඟ සාකච්ඡා කර ප්‍රගතිශීලි තීන්දුවක් ගන්නා ලෙසට ඔහු රජයට යෝජනා කරයි. මේ සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සිදු කරන්නේ නම් විපක්ෂයේ ද අදහස් ඉදිරිපත් කිරීමට කැමති බවත් මේ ප්‍රතිසංස්කරණ නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දීමට කැමති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ