Sri Lanka
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට දුන් නියෝගය
26 | 2026-01-26 04:44 PM
කොළඹ වරාය අවට මුහුදේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොළඹ මහාධිකරණයෙන් නියෝග ලබාගෙන ඇති බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ක්‍රියාත්මක කර තිබෙන ආකාරය පරික්ෂා කිරීම සඳහා එම පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම්දීම සිදු කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ