Sri Lanka
විනාශ වූ ව්‍යාපාර ගොඩගන්න බැංකු 16කින් ණය පහසුකම්
30 | 2026-01-26 04:46 PM
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුතු ඉක්මනින් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන ණය ලබාදීම මේ වනවිට ක්‍රියාත්මක වේ. ඒ අනුව පසුගිය දෙසැම්බර් 16 සිට රාජ්‍ය බැංකු තුනන් මේ වනවිට අදාළ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ඇත. එමෙන්ම පෞද්ගලික බැංකු ඇතුළු තවත් බැංකු 13ක් මේ වනවිට මෛ ණය ලබාදීමට ගිවිසුම්ගතවීම සඳහා කැමැත්ත පළ කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති. එම නිලාධරීහු මේ බව ප්‍රකාශ කළේ, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත රජය විසින් ලබා දෙනු ලබන ප්‍රතිලාභ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් 0% පොලිය මත බැංකුවලට මුදල් ලබාදෙන බවත් බැංකු මගින් 3%ක පොලී අනුපාතය යටතේ රුපියල් මිලියන 25ක් දක්වා ණය ලබා ගත හැකි බවත් ඔවුහු සඳහන් කළහ. ඒ අනුව 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 10,000ක් ඒ සඳහා වෙන්කර තිබේ. එමෙන්ම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත බල ගැන්වීම සඳහා වන ණය පහසුකම යටතේ රුපියල් මිලියන 25ක් දක්වා 5% පොලිය යටතේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගත හැක. 2026 වසරේ ඒ සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන් කර ඇති බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අතර කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන දායක්වය ඉහළ නැංවීම සඳහා ණය පහසුකම් ලබා දීම පෙබරවාරි දෙවන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. මේ යටතේ රුපියල් ලක්ෂ 50ක ණයක් කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිර්දේශය මත ලබා දීමට නියමිත බවත් 2026 වසරේ ඒ සඳහා රුපියල් මිලියන 800ක් වෙන්කර ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ