Sri Lanka
ගුවන්තොටුපොළෙන් රට පනින්න ගිය බංග්ලි ජාතිකයෙක් මාට්ටු
24 | 2026-01-26 04:53 PM
ව්‍යාජ ස්පාඤ්ඤ වීසා බලපත්‍රයක් භාවිතා කරමින් එරටට පළා යාමට තැත්කළ බංග්ලාදේශ ජාතිකයෙකු අද (26) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සිය නිශ්කාශන කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි, කටාර් ගුවන්සේවා නිලධාරීවරුන් වෙත භාර දී ඇති අතර, ඒවා පිළිබද ඇති වූ සැකය මත කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ. එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ස්පාඤ්ඤ වීසා බලපත්‍රය ව්‍යාජ එකක් බව තහවුරු වී ඇත. සැකකරු මෙම වීසා බලපත්‍රය යුරෝපා රාජ්‍යයන් වෙත නිල වශයෙන් වීසා නිකුත් කරන ආයතනයක් මඟින් බංග්ලාදේශ මුදලින් ටකා 25,000ක් (ශ්‍රී ලංකා රුපියල් 63,000ක්) මුදලක් ගෙවා ලබා ගෙන ඇති බව මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය. සැකකරු 27 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකි. ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ