Sri Lanka
2026 විදේශ රැකියා ඉලක්කය 310000ක්
16 | 2026-01-28 08:22 AM
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් 2026 වර්ෂයේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 310,000 පිරිසක් පිටත් කිරීමට ඉලක්ක කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව එම පිරිසගෙන් වැඩිම පිරිසක් වූ 77,500 කුවේට් රාජ්‍යය රැකියා සඳහා ඉල්ලීම් කර ඇති අතර, එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 63,500ක්, කටාර් රාජ්‍යයට 44 ,000ක්, සෞදි අරාබියට 31,000 සහ වෙනත් රටවල් 17ක් සඳහා මෙම ඉලක්ක ඉදිරිපත් තිබේ. රාජ්‍යයන් අතර අත්සන් කරන ලද විදේශ රැකියා අවබෝධතා ගිවිසුම් අනුව ක්‍රියාත්මක වැඩසටහන් යටතේ 2026 වර්ෂයේ දි ඊශ්‍රායල් රාජ්‍යයට 15,000ක්, ජපන් රාජ්‍යයට 12,500ක් සහ දකුණු කොරියාවට 6,000ක් පිටත් කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර 2025 වර්ෂයේ දී 300,000 රැකියා ඉලක්ක කලද එම ඉලක්කය ඉක්මවා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 311,207 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 2025 වර්ෂයේ දි ඇමරිකන් ඩොලර් මිලියන 8,000 කට වැඩි විගමනික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබිණි. මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් ශ්‍රමිකයන් 20,484 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ