Sri Lanka
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාත්තාවක් රෝහල්ගත කෙරේ
13 | 2026-01-28 08:25 AM
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ 1990 ගිලංරථ සේවය මගින් එම කාන්තාව රෝහල වෙත රැගෙනගිය බවය. රෝහල්ගතකළ මෙම නිලධාරිනිය ඇතුළු සිව්දෙනෙකු පෙරේදා සිට මෙලෙස මාරාන්තික උපවාසයේ නිරතවෙයි. ඒ වසර 7ක් පුරා පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් වහාම ගුරුසේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින්ය. මේ අතර මෙම සත්‍යග්‍රහය සිටින විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ද උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ, ඊයේ(27) පෙරවරුවේ ඔවුන් "යුක්තියේ මළගම" ලෙසින් පෙට්ටියක් පුළුස්සා දැමූ අතර පොලිසිය ප්‍රකාශ කළේ එය කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසය. එමෙන්ම උපවාසය නිසා පදික වේදිකාව අවහිර වන බව පොලීසිය පැවසීමත් සමග මෙසේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර විවාදාත්මක තත්ත්වයක්ද ඇතිවිය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ