Sri Lanka
මේ වසරේ වැටුප් වැඩි කිරීමට පමණක් රු.බි 220ක් අමතරව වැය වෙයි
13 | 2026-01-28 08:26 AM
වෛද්‍ය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයට 2026 වසරේ ලබාදුන් මූලික වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 220ක අමතර මුදලක් වැය කිරීමට රජයට සිදුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඊයේ (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. වසර 2027දී ඒ සඳහා රුපියල් බිලියන 330ක් වැය වෙන බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.
"අපි වෛද්‍යවරුන් ඇතුළු රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ට මේ මාසයේදීත් මූලික වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා." "මේ මූලික වැටුප් වැඩි කිරීමට පමණක් මේ අවුරුද්දේ විතරක් රුපියල් බිලියන 220ක් යනවා." "2025 වසරේ රුපියල් බිලියන 110ක් ගියා. මේ අවුරුද්දේ රුපියල් බිලියන 220ක් යනවා. 2027දී රුපියල් බිලියන 330ක් යනවා. මේ යන්නේ සමස්ත වැටුප්වලට නෙමෙයි. මේ වැටුප් වැඩි කිරීමට පමණක්. එතකොට මේක වැටුපට එකතු වෙනවා නේ." "ඒ වැඩි වුණු මූලික වැටුප..ජනවාරි මාසයේත් වැඩිපුර ලැබුණා. ඒ මූලික වැටුපට අදාළව අතිකාල වැඩි වෙනවා. අමතර අතිකාල දීමනා වැඩි වෙනවා. නිවාඩු දින දීමනා වැඩි වෙනවා. මේවා කරන්න පුළුවන් වෙන්නේ රටේ තිබෙන ආර්ථික තත්ත්වයට සාපේක්ෂව."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ