Sri Lanka
නෙදර්ලන්ත තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර නිල හමුවක්
15 | 2026-01-28 08:29 AM
ශ්‍රී ලංකාවේ නෙර්දර්ලන්ත තානාපති Wiebe de Boer මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අතර නිල හමුවක් සිදුව තිබේ. පෙරේදා (26) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම නිල හමුව සිදුසව ඇත. මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ප්‍රවේශයන් පිළිබඳව ද අවධානය යොමු කර ඇත. පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වයේදී සහ ඉන් අනතුරුව, යුරෝපා සංගමය සමඟ එක්ව නෙදර්ලන්ත රාජධානිය සැපයූ නොසැලෙන සහයෝගය පිළිබඳව, ජනාධිපතිතුමා ප්‍රමුඛ සියළු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. තවද, දිවයින පුරා ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කරමින් ඒ ඔස්සේ ජනතාවගේ ජීවනෝපාය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන ' ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්තරජය විසින් ලබා දෙන අගනා දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්ව තිබේ. මෑත කාලීන ස්වභාවික ආපදා තත්ත්වයෙන් පසු, මේ වන විට ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ධනාත්මක ප්‍රගතිය පිළිබඳ තානාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන ඉලක්කයන්ට අනුකූලව, විශේෂයෙන්ම ආපදා අවදානම් අවම කිරීම සඳහා නෙදර්ලන්තයේ නුතන තාක්ෂණික ක්‍රමවේද සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට නෙදර්ලන්ත රජයේ ඇති කැපවීම පිළිබඳව ද ඔහු මෙහිදී යළිත් තහවුරු කර තිබේ. සාකච්ඡාව අවසානයේ, දෙරට අතර පවතින සමීප සහ මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට කැප වන බවට දෙපාර්ශ්වයම ප්‍රතිඥා දුන් අතර, ඉදිරියේදී මෙම සහයෝගීතාවය හා හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවට ද සහතික වී තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ