Sri Lanka
ගල් අඟුරු සිද්ධියෙන් රජයට පාඩු වුණාද ඇමති නලින්ද හෙළි කරයි
14 | 2026-01-28 08:31 AM
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ අදහස් දැක්වීමක් කළේය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නගත ගල් අඟුරු හේතුවෙන් රජයට පාඩු සිදුව ඇත්දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නක් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මින් ඉහත වසරයන් හිදීද මෙවැනි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වී ඇති බවත් ඒ සඳහා අදාළ සමාගම් වෙතින් දඩ අයකර ගැනීමට කටයුතු කර ඇති බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, "පලවෙනි ලෝඩ් එකේ මෙට්‍රික් ටොන් 60,000 තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ. එතන තිබුණේ කිලෝ කැලරි 5,520යි සාම්පල් චෙක් කළාම. ඒ අනුව ඒ අයට දෙගුණයක දඩයක් අයකරනවා. දෙවැනි එකේ කිලෝ කැලරි 6,017යි ඒ අනුව අර 5900 - 6150 අතර සීමාවේ පවතිනවා. තුන්වැනි එක සහ හතරවැනි ලෝඩ් එක දැන් ගොඩබාමින් පවතිනවා දැන් ඒවාල සාම්පල් යැව්වාට පස්සේ තමයි මේක ගන්න වෙන්නේ. මේ ආදි සිදුවීම් කිහිපයක්ම වාර්තා වෙලා තියෙනවා 2020-2021 අවුරුද්දෙදි මේ විදිහටම ඩොලර් මිලියන 7.54ක් අපි දඩ අයකරගෙන තියෙනවා. 2021-2022 අතර අපි ඩොලර් මිලියන 6.1ක් දඩ අයකරගෙන තියෙනවා, 2022-2023 වසරවල ඩොලර් මිලියන 7.8ක් දඩ අයකරගෙන තියෙනවා. ඒ කියන්නේ ගල් අඟුරු එහෙම ගේනකොට ප්‍රමිතියේ යම් ප්‍රශ්නයක් ඇති වුණාම මේ විදිහට දඩ අයකරගන්නවා ඒක භාවිතයට නුසුදුසුනම් ඉවත් කරනවා එහෙම තමයි මේ කටයුතු සිදුවෙලා තියෙන්නේ. මේක මේ මහා අමුතු දෙයක් නෙමෙයි ගල් අඟුරු ලෝඩ් කරන පෝට් එකේ පරීක්ෂණ වාර්තාව ප්‍රමිතියට එකඟයි නම්, ලංකාවට ගොඩබෑවාට පස්සේ නම් ප්‍රශ්නේ තියෙන්නේ දඩ ගැසීම් කරනවා ඒක 2020, 2021, 2022, 2023 වසරවලත් මේ දඩ ගැසීම් කරලා තියෙන්නේ ප්‍රමිතියෙන් තොර සමහර ලෝඩ් අහුවෙච්ච නිසා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි නැව් 10ක් ගෙනාවනම් 10ම ප්‍රශ්නයක් තියෙනවා කියන එක. සමහර ලෝඩ්වල ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා ඒකට ගල් අඟුරු සමාගම් විසින් සම්මත කරගත්ත ක්‍රමවේදයක් තියෙනවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ