Sri Lanka
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
15 | 2026-01-28 08:38 AM
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් අද (28) දිනයේදී සිට දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය පැය 48කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. එම සංගමයේ නියෝජිතයින් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අතර මෙම වර්ජනයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකදී එකඟ වූ කරුණු මත මෙම වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි ආවරණය කරන වෛද්‍යවරයෙකු සම්බන්ධව මතු වූ ගැටලුවක් මුල් කර ගනිමින් එම සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබුණි. කෙසේ නමුත් ඊයේ පැවැති සාකච්ඡාවේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සම්බන්ධව ඉදිරි පැය 48 ඇතුළත ගනු ලබන තීරණය දැනුම් දෙන බවය. එමෙන්ම දැනට රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රාජකාරි කටයුතු පිළිබඳව ආරක්ෂාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් භාර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හමුවේ අවධාරණය කර තිබේ. තවද මේ වන විට සෞඛ්‍ය පද්ධතියේ පවතින වර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගීන් පත්ව ඇති අපහසුතාවද සලකා බලමින් එළැඹෙන 30 වැනිදා උදෑසන 8 දක්වා මෙම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට සිය සංගමය තීරණය කළ බවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ