Sri Lanka
අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් අයෙකු මරුට
21 | 2026-01-28 08:52 AM
UPDATE - අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරන බවය. ------------------------ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත. නිවස අසල කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. වෙඩි වැදීමෙන් අවුරුදු 28ක පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ