Sri Lanka
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් මාරක රිය අනතුරට ලක් වීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවයි
17 | 2026-01-28 09:02 AM
බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතව සිටියදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මාරක රිය අනතුරකට ලක් වී සිසුන් දෙදෙනෙකු මරණයට පත් වීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් අනතුරට පත් වූ සිසුන්ට වන්දි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය සිසුවෙකුගේ පියෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 15 කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) නියෝග කළේය. මෙම පෙත්සම ජනක් ද සිල්වා, සෝහිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි. මියගිය තරුණයෙකුගේ පියෙකු වන මිත්‍ර වාහලවත්ත මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසන් නම් කරනු ලැබ තිබේ. පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසක් පසුගිය වසරේ දෙසැම්බර් 30 දින ක්ෂේත්‍ර චාරිකාව සඳහා බදුල්ල ප්‍රදේශයකට බස් රථයකින් පිටත්ව ගිය බවත් එදින රාත්‍රී 7. 45 ට පමණ දුන්හිද ප්‍රදේශයේ ඔවුන් මාරක රිය අනතුරකට භාජනය වූ බවත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස සිය පුත්‍රයා මියගිය බව සඳහන් කළ පෙත්සම්කරු අදාළ බස් රථයේ කාර්මික දෝෂ ගණනාවක් තිබූ බවත් රියදුරුට නිසි රියදුරු බලපත්‍රයක් නොතිබූ බවට කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කර තිබේ. මෙම සිද්ධියට අදාළ විශ්වවිද්‍යාල බලධාරීන් වගකිව යුතු යැයි චෝදනා කරන පෙත්සම්කරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් සඳහන් කර ඇත. මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ