Sri Lanka
තැන තැන සිදු වූ රිය අනතුරු - සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි
20 | 2026-01-28 09:10 AM
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පදික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (27) එම අනතුර සිදුව තිබුණේ මහරගම, රුවන්වැල්ල, කඩුවෙල සහ එගොඩඋයන පොලිස් වසම්වලදීය. මහරගම, පන්නිපිටිය මංසන්දිය ආසන්නයේදී මහරගම දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවකි. මේ අතර රුවන්වැල්ල, පන්නල ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස ඇත්තේ, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවකි. මේ අතර කඩුවෙල මංසන්ධිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී එම දිශාවටම ගමන් කළ ලොරි රථයකට පැදිකරු යටවීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බියගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. එලෙස මියගොස් ඇත්තේ, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර එගොඩඋයන හන්දිය අසලදී මොරටුව දෙසට ධාවනය වූ පාසල් සේවා පුද්ගලික බස් රථයක මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදික කාන්තාව තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ